ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සිදුවී ඇතැයි පැවසෙන දූෂණ වංචා සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා එහි ප්‍රධානීහු පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හෙවත් කෝප් කමිටුව වෙත ලබන 14 වැනිදා සවස දෙකට කැඳවනු ලැබ සිටිති.

එහි එම දූෂණ වංචා සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කිරීමට නියමිතව ඇතැයි කමිටුව පවසයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් ගැටළුවක් පවතී නම් ඒ පිළිබඳව පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හමුවට යොමු කරන ලෙස කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාට පාර්ලිමේන්තුවේ දී ඊයේ දැනුම් දුන්නේය.

මේ අතර ක්‍රීඩා අමාත්‍යාංශයේ උපදේශක කාරක සභා රැස්වීම අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ දී පසුගියදා පැවැත්වුන ද ඊට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධානීන් සහභාගී වූයේ නැත.

මේ පිළිබඳව ක්‍රිකට් ආයතන බලධාරීන් පාර්ලිමේන්තුවේ දී ඊයේ විවේචනය කෙරිණි. ඔවුන්ගේ ඒ ක්‍රියා කලාපය පාර්ලිමේන්තුව අවධානයට ලක් කිරීමක් බව මන්ත්‍රීවරු පිරිසක් පැවසුව.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *