බොහෝ ප්‍රදේශවල මේ දිනවල සුදු සීනි හිගයක් පවතින බව පාරිභෝගිකයෝ පවසති.
සීනි සඳහා පාලන මිලක් නියම කර තිබියදී ඇතැම් වෙළඳුන් සුදු සීනි වැඩි මිලට තවමත් අලෙවි කරන බවට ද ඔවුහු මැසිවිලි නගති.
සීනි හිගයට හේතුව වෙළඳුන් සීනි සගවාගෙන සිටින බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන් කේ ජයවර්ධන මහතා පැවසීය.
සුදු සීනි සගවාගෙන හොරෙන් වැඩි මිලට අලෙවි කරන බව පැවසූ ජයවර්ධන මහතා කිලෝවක් රුපියල් 310, 315 ට අලෙවි කරන බවද කීය.
මේ නිසා බේකරි හිමියන් දැඩි අසීරුතාවයට මුහුණපා සිටින බව එම සංගමය පවසයි. සුදු සීනි හිගයක් මවාපාමින් සීනි සගවාගෙන සිටින හා වැඩි මිලට අලෙවි කරන වෙළදුන් වහා අත්අඩංගුවට ගැනීමට වැටලීම් කරන ලෙසට එම සංගමය පාරිභෝගික අධිකාරියෙන් ඉල්ලා සිටි.