ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් 2024 වසර සදහා සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතට අදාළ ‘අයවැය කතාව’ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ.
අනතුරුව නොවැම්බර් 17 දා සිට 21 දා දක්වා ඉරිදා දිනයන් හැර දින හතක් විසර්ජන පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිතය. අය වැය දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම නොවැම්බර් 21 වැනි අඟහරුවාදා පස්වරු 6 ට පැවැත්වීමට නියමිතය.
කාරක සභා අවස්ථාවේ විවාදය නොවැම්බර් 22 බදාදා සිට දෙසැම්බර් 13 බදාදා දක්වා ඉරිදා දිනයන් හැර දින 19ක් පුරා පැවැත්වීමට තීරණය කර තිබේ. 2024 මූල්‍ය වර්ෂය සඳහා වන අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් 13 වන බදාදා පස්වරු 6 ට පැවැත්වීමට නියමිතය.