සීනි පාලන මිලට වඩා වැඩියෙන් අය කර අලෙවි කරන වෙළෙඳ සැල් වැටලීමේදී බොහෝ අවස්ථාවල සිල්ලර වෙළෙන්දන් තොග වෙළෙන්දන්ගෙන් ලබාගත් බිලක් ඉදිරිපත් කිරීමට අපොහොසත් වීම නිසා තොග වෙළෙන්දාට එරෙහිව කටයුතු කිරීමට නොහැකි වී ඇතැයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති ශාන්ත නිරිඇල්ල පැවසීය.

තොග වෙළදුන්ගෙන් තමන් සීනි මිල දී ගන්නෙත් ආණ්ඩුව පනවා ඇති සුදු සීනි රුපියල් 275 සහ රතු සීනි රුපියල් 330 වන පාලන මිලටම බැවින් එම මිලට පාරිභෝගිකයන්ට සීනි අලෙවි කළ නොහැකි යැයි සිල්ලර වෙළෙදුන් මැසිවිලි නගති.

එම නිසා පාලන මිල ඉක්මවා සීනි විකිණීම හේතුවෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අදිකායේ නිලධාරීන් තමන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම අසාධාරණයි සිල්ලර වෙළෙන්දෝ පවසති.

පරිබොගික කටයුතු පිළිබඳ අධිකාරිය සෑම විටම පාරිභෝගිකයා මෙන්ම වෙළෙඳ ප්‍රජාව ද ආරක්ෂා කිරීමට කටයුතු කරන බවත් භාණ්ඩ හෝ සේවා කුමක් වුවද ඒවා මිලදී ගත්තත් ඒ සඳහා බිල්පත් ලබාගෙන තිබීම නීතියානුකූලව කටයුතු කිරීමට ඇති ප්‍රබලතම සාක්ෂිය බවත් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපතිවරයා පැවසුවේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *