ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට කිසිදු බාහිර බලපෑමක් හෝ පීඩනයක් එල්ල වී නොතිබුණු බවත් ක්‍රීඩකයන්ට තම දක්ෂතා පෙන්වීමට හැකි නොවීම ගැන කණගාටු වන බවත් තරග පරාජ ගැන ප්‍රේක්ෂකයන්ගෙන් සමාව ඉල්ලා සිටින බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක කුසල් මෙන්ඩිස් මහතා අද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

අඩුපාඩු මඟහරවා ගෙන ඉදිරියේදී නිසි සැලසුමකට අනුව කටයුතු කිරීමට පියවර ගන්නා බව ද කීවේය. මැච් පරදින්න ක්‍රීඩා නොකරන බවත් රට වෙනුවෙන් සිතා ක්‍රීඩා කරන බවත් සමාජ මාධ්‍ය මගින්ද තරග පරදින විට ක්‍රීඩකයන්ගේ මානසික මට්ටම බිඳ වැටෙන ලෙස තොරතුරු ප්‍රචාරය කරන්නේ නැතිව මානසික මට්ටම ගොඩනැගීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස ඉල්ලා සිටින බවත් සඳහන් කළේය.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් පනවා ඇති තහනම කඩිනමින් ඉවත් වනු ඇතැයි බලාපොරොත්තු වන බවද පැවසු කුසල් මෙන්ඩිස් කෙසේවෙතත් අඛණ්ඩව පුහුණුවීම සිදු කරන බවත් කීවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *