මැතිවරණ ආරවුල් සම්බන්ධයෙන් ගනු ලබන නීතිමය පියවර සහ අධිකරණය මගින් ලබාදෙන දඩුවම් පිළිබඳ සියලු තොරතුරු ද මේ අනුව ජනතාවට දැනගැනීමට හැකිවනු ඇත. මැතිවරණ කාලවලදී අපේක්ෂකයන් අතර ඇතිවන ආරවුල් මැතිවරණ ප්‍රචාරක කාර්යාල ගිනි තැබීම්, පහරදීම් ආදී විවිධ සිදුවීම් වාර්තා වන අවස්ථාවලදී ලැබෙන පැමිණිලි සම්බන්ධයෙන් ගනු ලබන නීතිමය පියවර පිළිබද ජනතාව දැනුවත් කිරීමට මැතිවරණ කොමිෂන් සභාවේ අවධානය යොමු වී තිබිණි.

එවැනි සිද්ධීන්වල දී අධිකරණය මගින් ලබාදෙන දඩුවම් යටතේ අදාළ පුද්ගලයන්ගේ ප්‍රජා අයිතිය අහිමි කෙරෙන අවස්ථා වලදී ඡන්ද අයිතිය අහිමි වන අතර ඔවුන්ගේ නම් ඡන්ද නාමලේඛනයෙන් ඉවත් කිරීමට ද සිදු කෙරෙන බැවින් මෙවැනි තොරතුරු ජනතාවට ලබාදීමට මෙම වැඩසටහන යටතේ හැකිවනු ඇති බව මැතිවරණ කාර්යාලය ආරංචි මාර්ග සදහන් කළේය. පසුගිය මැතිවරණවල දී සිදුවූ මැතිවරණ ආරවුල් පිළිබදව ගනු ලැබූ නීතිමය පියවර සහ අධිකරණය මගින් ලබාදුන් නඩු තීන්දු පිළිබද තොරතුරු එක්රැස් කිරීමට යන බවද එම ආරංචි මාර්ග සඳහන් කළේය. මෙම සියලු තොරතුරු මැතිවරණ වෙබ් අඩවිය ඔස්සේ ද ජනතාවට දැනගැනීමට සැලසීමට යන බවද දැනගන්නට ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *