ලාභ ඉපයීම සදහා හම්බන්තොට වරායට වැඩසටහන් හදුන්වාදීමට පියවර ගන්නා බව වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යංශය පවසයි.

නිවේදන නිකුත් කරමින් එම අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ හම්බන්තොට වරායෙන් සියයට පහළොවක් ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතු වුවද මෙතෙක් ඉන් ලාභ ඉපයීමක් සිදුව නොමැති බව ය.

එබැවින් වරායන් ආදායම ලබා ගැනීම සඳහා වැඩසටහන් කිහිපයක් ආරම්භ කිරීමට වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ අවධානය යොමුව තිබේ.

ප්‍රති අපනයනය කිරීමේ වැඩසටහනක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය සඳහන් කළේය.

විශේෂයෙන් ඉන්දියන් සාගරයේ යාත්‍රා කරනු ලබන නෞකාවන් හම්බන්තොට හා කොළඹ වරායන් වෙත ආකර්ෂණය කර ගැනීමට සක්‍රිය වැඩපිලිවෙලක් හඳුන්වා දීමටද නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍යවරයා වරාය අධිකාරියට උපදෙස් ලබා දී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *