බලංගොඩ උඩවෙල හෝරන් කදුල ප්‍රදේශය නායයාම හේතුවෙන් නිවාස දෙකකට හානි සිදුව ඇති බව රත්නපුර ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජනරාල් සුදන්ත රණසිංහ මහතා පැවසූයේ නායයාම හේතුවෙන් විපතට පත්වූවන් මුදවා ගැනීම සඳහා 8 වන ගැමුණු හේවා බලඇනිය යුධ හමුදා භට පිරිස් එම ස්ථානය වෙත ළඟා වෙමින් සිටින බව ය.

ආරංචි මාර්ග සදහන් කරන්නේ නායයාම හේතුවෙන් අනතුරට පත් එක් අයෙකු මුදාගෙන මේ වන විටත් ඔහු රෝහල් ගත කර ඇති බව යි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *