ලක්ෂ හමාරකට අධික විශ්වවිද්‍යාල සිසු දරුවන්ට වසර ගණනාවක සිට පවතින ගැටළුවලට විසඳුම් ලබා දීමට එරෙහිව ඉදිරි දින කිහිපය ඇතුළත කොළඹ සියලූ විශ්වවිද්‍යාල සිසුන් කැඳවා දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් ක්‍රියාත්මක කරන බව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු මධුෂාන් චන්ද්‍රජිත් පැවසීය.

මෙම ගැටලු පිලිබද අවස්ථා කිහිපයකම පසුගිය රජයන් මෙන් ම වත්මන් රජය ද දැනුවත් කර ඇත, එය බීරි අලින්ට වීණා වැයීමක් බදු බව හෙතෙම කීය.

2014 දී රුපියල් 5000 කින් වැඩිකරන ලද මහපොළ ශිෂ්‍යාධාර මේ දක්වා වැඩි නොකිරීම, වසර ගණනක සිට පවතින විශ්වවිද්‍යාල සිසුන්ගේ නේවාසිකාගාර ගැටලුවට විසඳුම් ලබා නොදීම, දේශකයින් 50% ක ගේ හිගය, විශ්වවිද්යාල ආපන ශාලාවල ආහාර මිල අධික වීම ඇතුළුව තවත් ගැටලු රැසකට මේ වනතෙක් විසඳුම් ලබා නොදී ඇතැයි හෙතෙම සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *