අයිස්ලන්තයේ ෆැග්රාදල්ස්ෆෝල් ප්රදේශයේ භූ කම්පන මාලාවක් සිදුවීමෙන් පසු ගිනි කදු පිපිරීමේ අවදානමක් ඇති බැවින් අයිස්ලන්ත රජය හදිසි අවස්ථාවක් ප්රකාශයට පත් කර ඇත.
දහස් ගණනක් ජීවත් වන නිරතදිග නගරයක් වූ ග්රින්ඩවික් වැසියන්ට එක් රැයකින් ආරක්ෂිත ස්ථානයකට පිටව යන ලෙසට බලධාරීන් උපදෙස් දී තිබේ.
අයිස්ලන්ත කාලගුණ කාර්යාලය භූමිකම්පන වලින් පසු ගිනිකඳු පිපිරීම සම්භාවිතාව වැඩි බව ප්රකාශයට පත් කළේය. ඉදිරි දින කිහිපයේදීම මේ අවදානම පවතී. අයිස්ලන්තයේ රෙක්ජේන්ස් අර්ධ ද්වීපයේ අක්රීය තත්වයේ වසර අටසිය ගණනක් පුරා ගිනිකන්දක් පවතින අතර එය 2021 වර්ෂයේ සක්රීය විය.
අයිස්ලන්තය ලොව සක්රිය ගිනි කදු වැඩිම රටවල් අතරින් එකකි. එරට සක්රිය ගිනි කදු 30 ඇත.