ඉන්දියාවේ චෙන්නායි නගරයේ පිහිටා ඇති අයි.අයි.ටී
විශ්වවිද්‍යාලයේ සහාය ඇතිව මහනුවර විශේෂ තාක්ෂණික විශ්ව විද්‍යාලයක් ආරම්භ කිරීමට පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

2024 අයවැය යෝජනා ඉදිරිපත් කරමින් ඔහු මෙසේ පැවසීය.

එසේම මෙරට රාජ්‍ය විශ්ව විද්‍යාල නව යුගයකට ගැලපෙන පරිදි වැඩි දියුණු කිරීමට පියවර ගන්නා බවද ඔහු පැවසීය.

රාජ්‍ය නොවන විශ්වවිද්‍යාල නියාමනය සඳහා අවශ්‍ය බලගතු නීති සම්පාදනය කිරීමෙන් අනතුරුව ලෝකය පිළිගත් ඕනෑම විශ්වවිද්‍යාලයකට හෝ අධ්‍යාපන ආයතනයකට මෙරට විශ්ව විද්‍යාල පිහිටුවීමට අවසර දෙන බව ජනාධිපතිවරයා පැවසීය.

රාජ්‍ය නොවන විශ්වවිද්‍යාල වල ඉගෙනුම ලබන සිසුන්ට ණය පහසුකම් ලබා දෙන බවත් දැනට ක්‍රියාත්මක පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමයට අමතරව වාණිජ බැංකුව හරහා සහනදායි ශිෂ්‍ය ණය ක්‍රමවේදයක් ද යෝජනා කරන බව ඔහු පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *