බදු පරිපාලනය වැඩිදියුණු කිරීමට අදාලව සුරාබදු දෙපාර්තමේන්තුව සම්බන්ධ යෝජනා කීපයක් 2024 අයවැය යෝජනා හරහා ඉදිරිපත් කර තිබේ.

එහිදී මත්පැන් කර්මාන්තය නීතියානුකුල භාවය පවත්වා ගෙන යාම සඳහා නම්‍යශීලී විවෘත කිරීමේ වේලාවන් හඳුන්වා දීමට යෝජනා කර තිබේ.

සුරාසැල් නොමැති ප්‍රදේශ ඇති කරමින් සුරාසැල් අතාර්කික ලෙස පැතිර යාමේ ගැටළුවට පිළියමක් කිරීමේ අරමුණ ඇතිව ඇතැම් බලපත්‍ර සදහා වන උපරිම සීමාවන් සංශෝධනය කරන බවද එහි වැඩිදුරටත් සඳහන් වෙයි.

ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කර ඇති ප්‍රතිපත්තිමය යෝජනා අතර ඇති ප්‍රතිපත්තිමය දේශීයව නිෂ්පාදිත මත්පැන් බදු නිදහස් සාප්පුවල අලෙවි කිරීමට ඉඩ සැපයීම ද ඇතුළත් වෙයි.

බලපත්‍ර සදහා වර්තමානයේ පවතින ඉල්ලුමට අනුරූපීව යන පදනම මත සුරාබදු බලපත්‍ර ගාස්තු ඉහළ නැංවීම ද එම යෝජනා වලට ඇතුලත්.

ඊට අදාළ ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවේ බදු පරිපාලන ක්‍රමවේද සහ ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවේ ප්‍රතිපත්තිමය යෝජනා ඉදිරිපත් විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *