ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු මෙහෙයවීම සඳහා පත්කරනු ලැබූ අතුරු පාලක කමිටුවේ කටයුතු අත්හිටුවමින් ඉකුත් දා නිකුත් කරන ලද අතුරු තහනම් නියෝග ඉවත් කරන ලෙස ඉල්ලා ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා සිය නීතිඥවරුන් මාර්ගයෙන් අභියාචනාධිකරණය හමුවේ විරෝධතා ගොනු කර තිබේ.

නීතිඥ ජී.ජී. අරුල්ප්‍රාගාසම් මහතා මාර්ගයෙන් ක්‍රීඩා අමාත්‍යවරයා විසින් මෙම විරෝධතා ඉදිරිපත් කරනු ලැබීය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් ගොනු කරනු ලැබූ පෙත්සමක් සලකා බැලූ අභියාචනාධිකරණය අර්ජුන රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් පත් කරන ලද ක්‍රිකට් අතුරු පාලක කමිටුවේ කටයුතු සහ ඊට අදාළ ගැසට් නිවේදනය අත්හිටුවමින් අභියාචනාධිකරණය විසින් අතුරු තහනම් නියෝග නිකුත් කළේය.

එම අතුරු තහනම් නියෝගය ඉවත් කරන ලෙස ඉල්ලා ක්‍රීඩා අමාත්‍යවරයා විසින් මෙම මෝසම ඉදිරිපත් කරන ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *