ක්‍රිකට් පරිපාලනය හා දේශපාලනඥයන්ගේ ප්‍රශ්න සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගත යුතු බවත් එසේ නොවුන හොත් අවසානයේ දී අපහසුතාවයට හා ගතියට පත් වන්නේ ක්‍රීඩකයන් බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.

තමා ක්‍රීඩා අමාත්‍යවරයා සිටි කාලයේ දී පරිපාලන ගැටලු සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගත් බවත් එසේ කළේ ක්‍රීඩාව හා ක්‍රීඩකයන්ගේ අනාගතය ගැන සිතා බව ත් ඔහු කීවේය. මෙම දේශපාලන හා ක්‍රිකට් පාලන ගැටීම් නිසා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ක්‍රිකට් තහනම් කර ඇති බවත් මෙසේ ක්‍රීඩා තහනම නිසා වාර්ෂිකව සෘජු සහ වක්‍ර ඩොලර් මිලියන සීයක් පමණ අහිමි වෙන බවත් නාමල් රාජපක්ෂ පැවසුවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *