මිලියන 1.3ක් වන රජයේ සේවකයන් හට දැනට හිමිවන හෝටල් 7800ක ජීවන වියදම දීමනාව 2024 ජනවාරි සිට 17,800ක් දක්වා රුපියල් 10,000 කින් වැඩි කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ 2024 සඳහා වන අයවැය යෝජනාවලිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් ප්‍රකාශ කළේය.

එසේම මේ දීමනා වැඩි වීම මාසික වැටුපට එකතු වන්නේ අප්‍රේල් මාසයේ සිට බවත් ජනවාරි සිට මාර්තු දක්වා හිග මුදල ලබන වසරේ ඔක්තෝබර් මාසයේ සිට වාරික වශයෙන් මාස හයක් තුළ ලබා දීමට කටයුතු කරන බව ජනාධිපතිවරයා පැවසීය.

මේ අතර විශ්‍රාම වැටුප් ලබන්නන්ගේ මාසික ජීවන වියදම් දීමනාව රුපියල් 6,025 දක්වා 2500කින් වැඩි කරන බවත් එම වැඩිවීම 2024 අප්‍රේල් මාසයේ සිට ක්‍රියාත්මක වන බව ජනාධිපතිවරයා පැවසුවේය. එමෙන්ම එළැඹෙන වසරේ ජනාධිපතිවරණයක් හා මහ මහමැතිවරණය ප්‍රකාශයට පත් කරන බවද ජනාධිපතිවරයා සිය අයවැය ඉදිරිපත් කරන අවස්ථාවේ ප්‍රකාශ කළේය.

එමෙන්ම නවතා දැමූ ව්‍යාපෘති යලි ඇරඹීමට රුපියල් බිලියන 55 ක අතිරේක ප්‍රතිපාදන, විශ්වවිද්‍යාල හතරක් ස්ථාපිත කිරීමටත් තීන්දුකර ඇති බව ඔහු පැවසීය

පාසල් හා පළාත් ක්‍රිකට් ගොඩනැගීමට බිලියන 1.5 ක් වෙන් කරන බවත් ළඟදීම දේශගුණික විපර්යාස කොමිසම ස්ථාපිත කරන බවත් ජනාධිපතිවරයා පැවසීය.

රාජ්‍ය ණය 2023 වන විට 95%කින් අඩු කරන බවද ඔහු පැවසුවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *