පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන 2024 අය-වැය සම්බන්ධයෙන් පාර්ශව රැසක් සිය අප්‍රසාදය පළ කර තිබේ.

වෘත්තීය සංගම් රැසක් අද අවධාරණය කළේ රාජ්‍ය සේවකයන්ට ලැබිය යුතු 20,000 ක වැටුප් වැඩි වීම වෙනුවෙන් අඛණ්ඩව අරගල කරන බවය.

මේ අතර ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් ජෝශෆ් ජෝසප් ස්ටාලින් මහතා සඳහන් කළේ,

“විදුහල්පති වැටුප් විෂමතාවය ගැන වචනයක් වත් නැහැ. අපිට ආණ්ඩුවට කියන්න තියෙන්නේ ලෑස්ති වෙන්න අපේ අරගලයට මුහුණ දෙන්න”

ලංකා ගුරු සේවා සංගමය ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා,

“දෙසැම්බර් 2 අධ්‍යාපන අමාත්‍යාංශයේ වැය ශීර්ෂය විවාද වෙන දවස. එදාට පාර්ලිමේන්තු වටරවුම ඉදිරිපිට දැවැන්ත උද්ඝෝෂණයක් පවත්වන්න අපි තීරණය කර තිබෙනවා”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *