කොළඹ ගලදාරී හෝටල් ඒ පසුගියදා ලංකා ආයෝජන මණ්ඩලය සමග ගිවිසුමට එළඹි බව නිවේදනය කර සිටී

ඒ අනුව හෝටලය නවීකරණ කටයුතු සදා ඩොලර් මිලියන 32.5 ක ආයෝජනයක් ඉදිරියේ දී ලැබීමට නියමිත බව ගලදාරී හොටෙල්ස් පීඑල්සී නිවේදනයකට සිටී.

මෙරට ප්‍රමුඛතම හෝටල් සමාගමක් වන ගලදාරි හෝටලය, ලොව ප්‍රමුඛතම ආගන්තුක සත්කාරය සේවා සමාගමක් වන Radission Hotels Asia Pacific Investment Pte. Ltd සමග මීට පෙර ගිවිසුමකට එළඹියේය. මෙම ගිවිසුම් ගත වීම සදහා 2023 ජූලි 6 වැනි දින පැවති අති විශේෂ මහා සභා රැස්වීමේදී ගලදාරී හෝටල් සමාගමේ කොටස් කරුවන්ගේ අනුමැතිය හිමි වී තිබේ.

එම ගිවිසුමට අනුව ගලදාරි හෝටලය අළුත්වැඩියා කිරීමට ලක් වන අතර “RADISSION BLU HOTEL GALADARI COLOMBO” නාමය යටතේ එහි කළමනාකාරීත්වය raddison සමාගම විසින් සිදු කරනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *