ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය පසුගිය වසර පහක කාලසීමාව තුළ සිදුවී ඇති අක්‍රමිකතා පිළිබඳව ස්වාධීන පරීක්ෂණයක් සිදුකිරීමට කමිටුව නියෝග කර ඇත.

මෙම ආයතනයේ ප්‍රමිතිය වැඩි කිරීමට කටයුතු කළ යුතු බවට වසර දහයකට පසු කෝප් කමිටුව ප්‍රමිති ආයතනයට උපදෙස් දෙයි.

විශේෂයෙන් පාර්ලිමේන්තුව මග හැරීම පිළිබඳ අප්‍රසාදය පළ කරන කමිටු ආයතන ක්‍රියාවලිය පුළුල් කිරීම සඳහා ජාතික විශ්වවිද්‍යාල ඇතුළු පෞද්ගලික අංශයේ ද සහය ලබා ගැනීමටද මෙහිදී නිර්දේශ කෙරිණි.

පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර ගේ සභාපතිත්වයෙන් රැස් වූ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය මෙසේ කැදවා තිබුණේ වසර දහයකට පසුවය. කමිටුව මීට පෙර එම ආයතනය කැදවා තිබුණේ 2013 වසරේදීය. මෙහිදී එම ආයතනය 2020 2021 විගණකාධිපති වාර්තාව සහ වර්තමාන කාර්ය සාධන සාධනය පරික්ෂා කිරීම සිදුවිය. තාක්ෂණ අමාත්‍ය ලේකම් මහාචාර්ය නිරංජන් ගුණවර්ධන, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සභාපති අසංග රණසිංහ, අධ්‍යක්ෂ ජනක සිද්ධික සේනාරත්න ඇතුළු නිලධාරීන් පිරිසක් එම අවස්ථාවට කැදවා තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *