ශ්‍රී ලංකාවට දැනට පනවා ඇති ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ තහනම ඉවත් කිරීමට අදාළ කටයුතු මෙහෙයවීම විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රීගේ ප්‍රධානත්වයෙන් යුත් අමාත්‍ය අනුකමිටුව වෙත පැවරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ තීරණය කර තිබේ.

එසේම යම් ක්‍රිකට් තරගාවලියක් ශ්‍රී ලංකාවට අහිමි වීමේ අවදානමක් පවතින්නේ නම් ඒ පිළිබඳ සාකච්ඡා කර වහාම තීරණ ගැනීමේ බලය මෙම කමිටුවට පවරා ඇත.

ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පෙරේදා පස්වරුවේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී ජනාධිපතිවරයා මෙම තීරණය දැනුම් දී තිබේ. මින් ඉදිරියට අතුරු කමිටු පත් කරන්නේ නම් ඊට කැබිනට් මණ්ඩල අනුමැතිය අවශ්‍ය බවද මෙම රැස්වීමේදී තීරණය කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *