මෙරට 353ක් වූ ජාතික පාසල් සංඛ්‍යාව 1000ක් දක්වා වැඩි කිරීමේ අරමුණින් ක්‍රියාත්මක කළ ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 2285.2ක මුදලක් වැය කර තිබුණද ජාතික පාසල් බවට පත් කර තිබුණේ පාසල් විසි දෙකක් පමණක් බැව් ජාතික විගණන කාර්යාලය මගින් ගොඩ ඇති නවතම විගණන වාර්තාවක සදහන් වේ.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන අමාත්‍යාංශය මගින් 2021 වර්ෂය තුළ දී පාසල් 622 අන්තර්ජාල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් රුපියල් මිලියන පන්සිය හැත්තෑ හයක් වැය කර තිබුණි.

කාන්තා හා ළමා සංවර්ධන පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍යාංශය මගින් පාසල් අටසිය විසි දෙකක් සදහා එක් පාසලක් වෙනුවෙන් රුපියල් මිලියන දෙක බැගින් දෙනු ලැබීය.

එමෙන්ම තවත් පාසල් නමයක් සදහා භෞතික හා යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා රුපියල් මිලියන 44.7ක් ද උපකරණ මිලදී ගැනීම වෙනුවෙන් රුපියල් මිලියන 20.5ක් ද වැය කොට ඇති බවද විගණන වාර්තාවේ සදහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *