පාස්කු ප්‍රහාරය වලක්වා ගැනීමට නොහැකි වීම පිළිබඳ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට ගෙවීමට නියම කළ වන්දි මුදලින් ලැබී ඇත්තේ තුන්කෝටි හැට අට ලක්ෂයක් පමණක් බව අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ පාර්ලිමේන්තුවට ඊයේ දැනුම් දුන්නේය.

සිරිසේන හිටපු ජනාධිපතිවරයාට ගෙවන්නට නියම කළ මුළු මුදලම වන්නේ රුපියල් කෝටි 31 ක වන්දි මුදලක් බව ද රාජපක්ෂ ඇමැතිවරයා කීය. හානිපූර්ණ කාර්යාලය මේ ගෙවීම් පිලිබද වැඩපිළිවෙළක් ඉදිරිපත් කර ඇති බවද ඇමැතිවරයා පැවසීය.

පාස්කු ප්‍රහාරයේ පළමු වින්දිතයා තමා බව ද තමාට මේ පිළිබඳ විවිධ චෝදනා එල්ල කළ බවද ඒවා සම්බන්ධයෙන් කිසිදු සාධාරණයක් තමාට සිදුව නැති බව ද විජේදාස රාජපක්ෂ ඇමැතිවරයා කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *