කටුනායක ගුවන්තොටුපල පිටත්වීමේ පර්යන්තයේ පවතින මගී තදබදය සදහා විසදුමක් ලෙස ස්වයං සේවා ටිකට්පත් පරික්ෂා කිරීමේ යන්ත්‍ර අටක් සහ ස්වයං සේවා ගමන්මලු භාරදීමේ යන්ත්‍රයක් ඊයේ උදෑසන ස්ථාපනය කිරීමේ උත්සවය ගුවන්තොටුපළ පිටත්වීමේ පර්යන්තයේ දී පැවැත්විණි.
මෙම ස්වයංක්‍රීය යන්ත්‍ර සදහා ශ්‍රී ලංකන් ගුවන් සේවය සහ සීමාසහිත ගුවන් තොටුපල සහ ගුවන් සේවා සමාගම සිය අරමුදල් ආයෝජනය කර තිබිණි.
ස්වයං සේවා ටිකට්පත් පරික්ෂා කිරීමේ යන්ත්‍ර මගින් ගුවන් මගීන්ට තම ආසන තෝරා ගැනීම ඔවුන්ගේ ගුවන් ප්‍රවේශ පත්‍රය මුද්‍රණය කර ගැනීම සහ ගමන්මලු ටැග් පත මුද්‍රණය, යන කාර්යයන් තුනක් ඉටු කරගත හැකිය. ඉන්පසු ගුවන් මගින් ස්වයං සේවා අනුබලදීම යන්ත්‍රය වෙත ගොස් ගමන්මලු බාරදීම සිදුකර ආගමන විගමන නිෂ්කාශන කටයුතු සදහා පිටත්ව යා හැකිය. මෙම ස්වයංක්‍රීය යන්ත්‍ර පද්ධතිය මගින් ගුවන් මගීන්ට විනාඩි පහක් වැනි කෙටි කාලයක් තුළ සිය ගුවන්තොටුපළ රාජකාරි නිම කර අදාළ ගුවන් යානය වෙත පිවිසීමට අවස්ථාව හිමිවේ.
මෙම ස්වයංක්‍රීය යන්ත්‍ර මගින් දැනට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් මගීන්ට පමණක් පහසුකම් හිමි වන අතර ඉදිරි කාලයේ ගුවන් තොටුපළ වෙත පැමිණෙන අනෙකුත් ගුවන් සේවා සදහා ද ව්‍යාප්ත කිරීමට නියමිතය.