පසුගිය 2023 අයවැය යෝජනාවල ප්‍රගතිය සොයා බැලීමට ආයතනයක් පිහිටුවන බවට ආණ්ඩුව පැවසුවද එම ආයතනය තාමත් පිහිටුවා නැති බවත් වත්මන් ආණ්ඩුව කියන කතා විශ්වාස කළ නොහැකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී පැවසීය.

පසුගිය අයවැය යෝජනා ක්‍රියාත්මක කරගත නොහැකි ආණ්ඩුවක් නව අයවැය යෝජනා ක්‍රියාත්මක කරන්නේ කෙසේද යන්න විපක්ෂ නායක පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවෙන් ප්‍රශ්න කළේය.

වත්මන් ආණ්ඩුව අයවැය සම්පාදනය අනුමත කිරීම, ක්‍රියාත්මක කිරීම, අධීක්ෂණය යන සියලු අංශ වලින් ෆේල් යයිද විපක්ෂ නායකවරයා කීය. ආණ්ඩුව ඇතැම් කරුණු සම්බන්ධයෙන් සවිස්තර වාර්තා ඉදිරිපත් කරනවා යැයි පැවසුවද ඉදිරිපත් කළ සවිස්තර වාර්තාවක් නැතැයි ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *