මඩකලපුවේ ස්ථාපනය කළ ඇමරිකානු නවෝත්පාදන කේන්ද්‍රය ඊයේ ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනි ජූලි චංග් මහත්මිය අතින් විවෘත කෙරිණි.

මෙම නවෝත්පාදන කේන්ද්‍රය මගින් නැගෙනහිර පළාතේ තරුණ තරුණියන් සවිබල ගැන්වීමට දැනුම හුවමාරුව සදහා සහාය දීමට සහ එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර ජනතාවගේ සම්බන්ධතා ප්‍රවර්ධනයට යොදා ගැනීම අරමුණු කර ඇති බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලය පවසයි.

මෙහි කථා කළ ඇමෙරිකානු තානාපතිනිය ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවේ ඇති කරන පස්වැනි ඇමරිකානු අවකාශය වන මෙම කේන්ද්‍රය නැගෙනහිර පළාත, එක්සත් ජනපදය සමගින් සම්බන්ධ කර ප්‍රධාන සාධකයක් වනවා පමණක් නොව දිවයින මුළුල්ලේම තරුණ තරුණියන් එක්කෙනා සම්බන්ධ කරනු ඇති බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *