වෛද්‍යවරුන් රට හැරයාම වළක්වා ගැනීමට පියවර නොගැනීම ඇතුළු තවත් ගැටලු රැසකට ආණ්ඩුව විසඳුම් ලබා නොදීම හේතුවෙන් ඉදිරියේ දී අඛණ්ඩව වෘත්තිය ක්‍රියාමාර්ගයකට එළඹෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමල් විජේසිංහ මහතා ඊයේ පැවසීය.

මෙවර රජය ඉදිරිපත් කළ අයවැයේ දී වුවත් අප ඉල්ලා සිටි සමහර ඉල්ලීම් වත් ඇතුලත් කර නෑ යැයි ද හෙතෙම කියා සිටියේය. තවදුරටත් කතා කළ හෙතෙම මෙසේද කියා සිටියේය.

ගැටළු විසඳන්න ආණ්ඩුවට උවමනා නැත්නම් එකම විසදුම තමයි දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයකට යන එක. ඉදිරියේදී පවත්වන මධ්‍යම කාරක සභාවේ දී තීරණයක් ගන්නවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *