ගුරු විදුහල්පති වැටුප් විෂමතාවය ගැන ආණ්ඩුව වචනයක්වත් කතා කළේ නැහැ. මේ නිසා අපි අධ්‍යාපන අමාත්‍යාංශයේ වැය ශීර්ෂ විවාදය පැවැත්වෙන දෙසැම්බර් 2 වැනි දා පාර්ලිමේන්තු වටරවුම ඉදිරිපිට දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් පවත්වන්න තීරණය කළා යැයි ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් මහතා පැවසීය.

මෙම උද්ඝෝෂණය සදහා බස්නාහිර පළාතේ පමණක් විදුහල්පතිවරුන් හා ගුරුවරුන් සහභාගී වන බව ද හෙතෙම කීය. මීට අමතරව නොවැම්බර් තිස් වැනිදා දිවයිනේ සෑම අධ්‍යාපන කලාප කාර්යාල ඉදිරිපිට ගුරු විදුහල්පතිවරුන් උද්ඝෝෂණය නිරත වන බවද ඒ මහතා කියා සිටියේය.

ගුරු විදුහල්පති වැටුප් විෂමතාවය, දෙමව්පියන්ගෙන් මුදල් එකතු කිරීම ඇතුළු ගැටළුවලට විසඳුම් ඉල්ලා මෙම උද්ඝෝෂණ ව්‍යාපාර පවත්වන බවද ඔහු කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *