womens big bash league තරගාවලියට එක්ව සිටින ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු වෙනුවෙන් සිටි ක්‍රීඩාංගනය ආසන සහිත කොටසක් නම් කර ඇත.

විදෙස්ක්‍රීඩා මාධ්‍ය වාර්තා කර ඇත්තේ womans big bash league තරගාවලියේ චමරි අතපත්තු නියෝජනය කරන්න sydney thunder women කණ්ඩායම මෙම තීරණය ගෙන ඇති බව ය.

ඒ අනුව එළඹෙන 26 වෙනිදා පැවැත්වෙන sydney thunder women සහ sydney sixers women අතර තරගයේ දී සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගනය ආසන සහිත කොටසක් Chamari Bay ලෙස නම් කර ඇත.

Women’s big bash league තරගාවලියේ චමරි අතපත්තු දැක්වූ දක්ෂතා සැලකිල්ලට ගෙන මෙම තීරණය ගෙන ඇති බව විදෙස් ක්‍රීඩා මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *