දිවයින පුරා අවදානම් පාසල් ගොඩනැගිලි හැත්තෑ හතරක් හඳුනාගෙන ඇතැයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවැසීය.

ඒ අතර කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ සහ තංගල්ල බාලිකා විද්‍යාලයේ තිබූ අබලන් ගොඩනැගිලි ද හදුනාගෙන ඒවා ඉවත් කර නව ඉදිකිරීම් කිරීම සිදුකරන බවද අමාත්‍යවරයා පැවසීය.

තම පාසල් වල අබලන් ගොඩනැගිලි ඇත්නම් ඒවා සම්බන්ධයෙන් අවධානය පසුවන ලෙසත් සිසුන් එවැනි ගොඩනැගිලි වලින් ඉවත් කර ඔවුන්ගේ ආරක්ෂාව සලසන ලෙසත් විදුහල්පතිවරුන්ට දැනුම් දී ඇති බව ඔහු කීය.

විශේෂයෙන්ම 2019 සිට වසර හතරක් පාසල් ගොඩනැගිලි අලුත්වැඩියාව සහ නව ඉදිකිරීම සදහා රජයෙන් ප්‍රතිපාදන ලබා නොදීම හේතුවෙන් එම තත්ත්වය ඇති වූ බව ඔහු පෙන්වා දුනි.

සුසිල් ප්‍රේම ජයන්ත මහතා මේ බව පැවසූයේ ඊයේ වැල්ලම්පිටිය වේරගොඩ විද්‍යාලයේ පළමු වසරේ දැරියක් එහි ජල කරාම සවිකර තිබූ බැම්මක් පෙරළීමෙන් ඊට යට වී ජීවිතක්ෂයට පත්වීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින්ය.

ඉන් තවත් දරුවන් පස් දෙනෙක් තුවාල ලැබීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *