ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ප්‍රමෝදය වික්‍රමසිංහ කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් 2019 අංක 24 දරණ ක්‍රීඩාවට සම්බන්ධ වැරදි වැළැක්වීමේ පනත ප්‍රකාරව විධිමත් පරීක්ෂණයක් සිදුකරන ලෙසට ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විමර්ශන ඒකකය වෙත දැනුම් දී තිබේ.

ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ පසුගිය 13 වැනිදා නිකුත් කරන ලද ප්‍රකාශයට අදාළ ව අමාත්‍යවරයා මෙම දැනුම් දීම සිදු කර ඇත.

එමගින් ක්‍රීඩා අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ නිකුත් කළ මාධ්‍ය ප්‍රකාශයට අනුව තරග පවාදීම දූෂණය නීති විරෝධී මෙහෙයවීම සහ නීති විරෝධී ඔට්ටු ඇල්ලීම සම්බන්ධ කාරණා පිළිබඳ ඔහු දන්නා බවට කරන ලද ප්‍රකාශය බරපතල බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *