නොරොච්චෝලේ තාප බලාගාරයේ දෙවන ජනන යන්ත්‍රයේ අධි පීඩක හීටර් පද්ධතියේ ඇතිවූ හදිසි බිඳවැටීම හේතුවෙන් ජනන යන්ත්‍රය අද රාත්‍රියේ සිට ක්‍රියාවිරහිත කිරීමට සිදුව ඇත.

ලංකා විදුලිබල මණ්ඩලය විශේෂ නිවේදනය නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත.

බලාගාරයේ කාර්ය මණ්ඩලය මෙම බිඳවැටීම යථා තත්ත්වයට පත් කිරීම සඳහා අවශ්‍ය මූලික කටයුතු මේ වන විටත් ආරම්භ කර ඇත එම නිවේදනය වැඩිදුරටත් දැක්වේ.

තවද මෙම බලාගාරයේ තෙවන ජනන යන්ත්‍රයේ නඩත්තු කටයුතු අවසන් කර ඇති අතර මේ වන විට එහි පරීක්ෂණ ධාවන කටයුතු සිදු කරනු ලැබේ.

ඒ අනුව මෙම තෙවන ජනන යන්ත්‍රය ඉතා ඉක්මනින් විදුලි නිෂ්පාදනය සඳහා යොමු කිරීමට හැකි බවද එම නිවේදනයේ සඳහන් ය.

මේ හේතූන් විදුලිබල සැපයුමට බාධාවක් නොවන අතර මෙම නඩත්තු කාලය තුළ උපරිම ලෙස ජල විදුලි නිෂ්පාදනය සිදු කරමින් අඛණ්ඩව විදුලිය සැපයීමට ලංකා විදුලි බල මණ්ඩලය කටයුතු කරන බවද නිවේදනයේ දැක්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *