එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයකු වූ හිටපු අමාත්‍යවරයකු සහ සමගි ජන බලවේගය කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයෙකු වූ පී. හැරිසන් අනුරාධපුර බටහිර සමගි ජනබලවේගය සංවිධායක ධූරයෙන් ඉවත් කර නව සංවිධායකවරයෙකු පත්කර ඇත.

සමගි ජන බලවේගයේ අනුරාධපුර බටහිර මැතිවරණ කොට්ඨාසයේ නව සංවිධායක වශයෙන් පත්ව ඇත්තේ ව්‍යාපාරිකයකු වූ දේශමාන්‍ය සුජීව රත්නායක වේ.

පී හැරිසන් හිටපු අමාත්‍යවරයා දිගින් දිගටම සමගි ජන බලවේගය සහ සජිත් ප්‍රේමදාස විවේචනය කරමින් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සහය පළ කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් විපක්ෂනායක සහ සජබ නායක සජිත් ප්‍රේමදාස විසින් නව පත්වීම සිදු කළ බව සමගි ජන බලවේගයේ ප්‍රබලයෙක් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *