ඉදිරි කාලයේ දී අත්‍යවශ්‍ය ඖෂධ වර්ග සීයක මිල පාලනය කිරීමට කටයුතු කරන බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ පාර්ලිමේන්තුවේ දී ඊයේ පැවසීය.
මේ වන විට තවත් අත්‍යවශ්‍ය ඖෂධ සීයක මිල පාලනය කර ඇති බව ද ඊට අමතරව කලින් සදහන් කළ ඖෂධ වර්ග වල ද මිල පාලනය කිරීමට කටයුතු කරන බවද සෞඛ්‍ය අමාත්‍යවරයා කීය.
මේ පිළිබඳ ඉදිරියේදී ගැසට් මගින් ප්‍රකාශයට පත්කරන බව ද සෞඛ්‍ය නියාමන අධිකාරියේ සංශෝධන පනත් කෙටුම්පත ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවද අමාත්‍යවරයා පැවසීය.
පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා එසේ පැවසීය.