වැල්ලම්පිටිය ප්‍රදේශයේ පාසලක තාප්පයක් කඩා වැටී දැරියක් මිය යාම පිළිබඳ පරීක්ෂණයට පස්දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පාර්ලිමේන්තුවේදී ඊයේ පැවසීය.

පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකගේ ප්‍රධානත්වයෙන් මෙම කමිටුව පත් කර ඇති අතර එම පාසලට මේ වන විට නිවාඩු ලබාදී තිබෙන බවද අධ්‍යාපන අමාත්‍යවරයා කීය.

සිද්ධිය වූ ස්ථානයට කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ වරයා ගොස් අවශ්‍ය කටයුතු සිදුකළ බවද ඊට අවශ්‍ය පියවර මේ වන විට අරගෙන ඇති බවද අධ්‍යාපන අමාත්‍යවරයා කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *