ප්‍රංශයේ පැරිස් යුනෙස්කෝ මූලස්ථානයේ පැවති පැවති අධ්‍යක්ෂක මණ්ඩලය සඳහා වන ඡන්ද විමසීමේ දී යුනෙස්කෝ අධ්‍යක්ෂ මණ්ඩලයට ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉදිරිපත් වූ අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත චන්ද හිමි රටවල් 188 න් 148 ඡන්ද ලබාගෙන ආසියානු ශාන්තිකර කලාපයේ තේරී පත්වී ඇත.

ඒ අනුව 2024 සිට 2024 වසර දක්වා යුනෙස්කෝ අධ්‍යක්ෂ මණ්ඩලය නියෝජනය කිරීමට ශ්‍රී ලංකාවට අවස්ථාව හිමි විය. අධ්‍යාපන අමාත්‍යවරයා මීට පෙර 2008 වසරේ දී මේ සදහා ඉදිරිපත් වූ අතර දෙවන වරට යුනෙස්කෝ අධ්‍යක්ෂ මණ්ඩලයට හෙතෙම ඡන්දයෙන් තේරී පත් වීම විශේෂත්වයකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *