මත්ස්‍යයන් හා ඒ ආශ්‍රිත සැකසුම් ආනයනය කිරීම සඳහා මෙම වර්ෂයේ ජනවාරි සිට සැප්තැම්බර් දක්වා වූ මාස නවය තුළ ඩොලර් මිලියන 50.7ක මුදලක් වැය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

මෙම වර්ෂයේ සැප්තැම්බර් මාසයේ පමණක් මත්ස්‍යයන් හා ඒ ආශ්‍රිත සැකසුම් ආනයනය කිරීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 6.7ක මුදලක් වැය වී ඇති බවද මහ බැංකු වාර්තාවේ සදහන් වේ. කෙසේ වුවද 2022 වර්ෂයේ සැප්තැම්බර් මාසයේ මත්ස්‍යයන් හා ඒ ආශ්‍රිත සැකසුම් ආනයනය කිරීම සඳහා ඩොලර් මිලියන 3.8ක මුදලක් වැය වී තිබිණි. ඒ අනුව මෙම වර්ෂයේ සැප්තැම්බර් මාසයේදී 2022 වර්ෂයේ සැප්තැම්බර් මාසයට වඩා මත්ස්‍යයන් හා ඒ ආශ්‍රිතව සැකසුම් වැඩි කිරිම සඳහා ඩොලර් මිලියන 2.9 ක මුදලක් වැඩිපුර වැය වී තිබිණි.

රට වටා මුහුදු තිබියදී ඩොලර් මිලියන ගණනක් ගෙවා මත්ස්‍යයන් ආනයනය කිරීම පිළිබඳව ධීවර සංගම් වල විරෝධය ද එල්ල වී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *