ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධව පැන නැගී තිබෙන වත්මන් තත්ත්වය පිළිබඳව සිදුකරන කමිටු රැස්වීමේ දී එහි සභාපතිවරයා තම පුතා එම කමිටුවට රැගෙන ඒම පිළිබඳ ඉදිරි දින දෙක තුන ඇතුළත සභාපතිවරයාගෙන් නිල වශයෙන් කරුණු විමසන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසීය.

කෝප් කමිටුවේ සභාපති රංජිත් බණ්ඩාර මහතා තම පුතා සිය රාජකාරි කටයුතු සදහා රැගෙන පැමිණි බවට ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර ඇති බවත් එහි වරදක් තමා දකින්නට නැති බවත් කෙසේ වෙතත් එම සිද්ධිය පිළිබඳ කරුණු විමසීම වැදගත් බවත් කතානායක වරයා කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *