මාරවිල මුහුදුකටුව මුහුදු තීරයේ අතුරුදන් වූ බෝට්ටුවේ සිටි පුද්ගලයන් සිව්දෙනා සොයා ගෙන තිබේ. පොලිසිය ප්‍රකාශ කළේ ඊයේ මසුන් ඇල්ලීම සදහා මුහුද ගිය පිරිසගේ බෝට්ටුවක් අද අළුයම දිය සුළියකට හසුවී ගසාගෙන ගොස් අතුරුදහන් ව තිබූ බවයි. කෙසේ වෙතත් බෝට්ටුවේ සිටි පුද්ගලයන් සිව්දෙනා සොයාගෙන ඇති අතර ඔවුන්ට කිසිදු අනතුරක් සිදුව නොමැති බව පොලිසිය සදහන් කළේය. මාරවිල සහ තුඩුවාව යන ප්‍රදේශවල පදිංචි කරුවන් කිහිප දෙනෙකු සහ ගමන් ජාතික පුද්ගලයෙකු මෙලෙස සෙයාගෙන තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *