හිටපු විධායක ජනාධිපතිවරුන් 4 දෙනෙකුට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දු ලබා දී ඇත.

ඒ අනුව හිටපු ජනාධිපතිවරුන් වන චන්ද්‍රිකා බණ්ඩාරනායක, මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන සහ ගෝඨාභය රාජපක්ෂ යන මහත්ම මහත්මීන්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය අවස්ථා කිහිපයකදීම තීන්දු ලබා දී තිබේ.

චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියට එරෙහිව වෝටර්ස් එජ් නඩුවද, මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව දින 52 ආණ්ඩුව නීති විරෝධී සහ පාස්කු වින්දිතයන්ට වන්දි ලබාදීමට අදාළව තීන්දුව ද ප්‍රකාශයට පත් කෙරිණි. එමෙන්ම මහින්ද සහ ගෝඨාභය යන හිටපු රාජපක්ෂ ජනාධිපති පතිවරුන් මූලික මිනිස් අයිතිවාසිකම් කඩ කර ඇති බව කියමින් ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය අගහරුවාදා දින තීන්දුව ප්‍රකාශයට පත් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *