රට බංකොලොත් භාවයට පත් කිරීමට ක්‍රියා කළ ගෝඨාභය, මහින්ද, බැසිල්, යන රාජපක්ෂවරුන් සහ පී බී ජයසුන්දර අජිත් නිවාඩ් කබ්‍රාල්, එස් ආර් ආටිගල ඩබ්ලිව් ඩී ලක්ෂ්මන් මෙන්ම මූල්‍ය මණ්ඩල සාමාජිකයන් ගෙන් යුත් එම කණ්ඩායමේ ප්‍රජා අයිතිය අහෝසි කළ යුතු යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී යෝජනා කළේය.

ඒ සඳහා ක්‍රියා කිරීමට බලය ඇත්තේ ජනාධිපතිවරයාට බැවින් ඒ සඳහා විශේෂ ජනාධිපති කොමිසමක් පත්කර ඉදිරි කටයුතු ගත යුතු යැයි ද හෙතෙම ඉල්ලා සිටින අතර ඉහත කණ්ඩායමෙන් වන්දි ලබාගැනීම වෙනුවෙන් සජබය කටයුතු කරන බව ද කීය. මෙම යෝජනාව සම්බන්ධයෙන් පක්ෂපාතී ලෙස අනුර කුමාර දිසානායක සහ විමල් වීරවංශ යන මහත්වරු ද අදහස් පළ කළහ. ඇමැති බන්දුල ගුණවර්ධන මහතා ඊට විරුද්ධව අදහස් දැක්වීය.

එහිදී සජිත් ප්‍රේමදාස මහතා මෙසේද පැවසීය. දැන් මුළු රටේම ඉල්ලුමක් තිබෙනවා රට බංකොලොත් කරපු කණ්ඩායමට නිසි දඩුවමක් දෙන්න කියලා මේ අය යහතින් මේ දේවල් තවත් ඉදිරියට කරගෙන යනවද කියලා රට අහනවා. ඒ නිසා මේ අයට තවදුරටත් සිවිල් අයිතිවාසිකම් ලබාදීම නොසුදුසුයි. ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැරදිකරුවන් කරපු කණ්ඩායමේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කිරීමට සිදුවන්නේ ජනාධිපති විශේෂ කොමිසමක් හරහා ය. ඒ සඳහා ක්‍රියා කළ හැක්කේ ජනාධිපතිවරයාට පමණයි. ඒ ක්‍රියාමාර්ගය ජනාධිපති විසින් ගත යුතුයි කියලා අපි මේ අවස්ථාවේ රටේ ලක්ෂ 220 වෙනුවෙන් යෝජනා කරනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *