පොලිස්පති චන්දන වික්‍රමරත්න වෙත සේවා දිගුවක් දීම පිළිබද ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කළ යෝජනාව දෙවැනි වරටත් ප්‍රතික්ෂේප කිරීමට ව්‍යවස්ථාදායක සභාව කටයුතු කර තිබේ.

පසුගියදා මෙම යෝජනාව ව්‍යවස්ථාදායක සභාවට ඉදිරිපත් කර ඇති අතර එය ප්‍රතික්ෂේප කිරීමට එම සභාව කටයුතු කර ඇත

මේ පිළිබඳව විමල් වීරවංශ මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවට දැනුම් දෙන ලදී. විශ්‍රාමික පොලිස්පතිවරයෙකු රට තුළ සිටින බවත් ඔහු නීත්‍යානුකූල පොලිස්පතිවරයකු නොවන බවත් වීරවංශ මන්ත්‍රීවරයා පැවසීය.

ඔහු තවදුරටත් පොලිස්පතිවරයා ලෙස තබා ගැනීම නීති විරෝධී යැයි ද වහාම නව පොලිස්පති වරයකු පත් කළ යුතු යැයිද විමල් ද විමල් වීරවංශ මන්ත්‍රීවරයා කීය.

මෙම පොලිස්පතිවරයා යටතේ පසුගිය කාලයේ රටම අරාජික වූ බවද එම නිසා වහාම මේ පිළිබඳව වගකිවයුත්තන්ගේ අවධානය යොමු විය යුතු යැයි ද විමල් වීරවංශ මන්ත්‍රීවරයා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *