ආන්දෝලනයකට තුඩු දුන් ඉමියුනොග්ලොබියුලින් ඖෂධ ගනුදෙනුව සම්බන්ධයෙන් විදෙස් ගමන් තහනමක් පනවා තිබූ පුද්ගලයකු මෙරටින් පලාගොස් ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.

වෛද්‍යවරයෙකු මෙලෙස රටින් පලාගොස් ඇති බව ද මෙම විමර්ශනවලට සම්බන්ධ නිලධාරීන් ද මාරු කිරීමට ජනාධිපති ලේකම් කාර්යාලයේ නිලධාරීහු කටයුතු කර ඇති බවද මෙම සිද්ධිය මහමොලකරු කැබිනට් මණ්ඩලයේ සිටින බවට වාර්තා පළ වන බවද බණ්ඩාර මන්ත්‍රීවරයා කීය.

එම ඖෂධය මෙරටට ගෙන ඒම පිළිබඳ කළ ප්‍රසම්පාදන ක්‍රියාවලිය පිළිබඳ වසන්ත යාපා බණ්ඩාර මන්ත්‍රීවරයා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ ගෙන් ගෙන් පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළේය. මෙම ගනුදෙනුව පිළිබඳ කෙරෙන පරීක්ෂණ සඳහා යම්කිසි කාලසීමාවක් අවශ්‍ය බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුම් දී ඇති බව ද මීට පිළිතුරු දෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා පැවසීය. එම ඖෂධ ගනුදෙනුව සම්බන්ධයෙන් කෙරෙන පරීක්ෂණවලට කිසිදු කිසිදු දේශපාලන බලපෑමක් කර නැති බවද සෞඛ්‍ය අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *