පොදු ව්‍යාපාර කටයුතු පිළිබඳ කාරක සභාවට ආචාර්ය හර්ෂ ද සිල්වා, ඉරාන් වික්‍රමරත්න හා කබීර් හෂීම් යන මන්ත්‍රීවරුන් තිදෙනාගෙන් කෙනෙකු පත් කරන්නේ විපක්ෂය කතානායකවරයාට යෝජනා කර ඇත.
කෝප් කමිටු වත්මන් සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට ද විපක්ෂයේ අවධානය යොමුව ඇත. මේ පිළිබඳව විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ද තහවුරු කළේය. එම කරුණ පිළිබඳ සමගි ජන බලවේගය ද යෝජනාවක් ඉදිරිපත් කර ඇත.
එම කරුණ පිළිබඳව මේ වන විට සාකච්ඡා පවත්වමින් පවතින බවද විපක්ෂයේ ප්‍රබල දේශපාලනඥයෙක් ප්‍රකාශ කළේය.
මහාචාර්ය රංජිත් බණ්ඩාර ට එරෙහිව මේ වන විට බොහෝ චෝදනා ඉදිරිපත් වී ඇති නිසා එම තනතුරෙන් ඉවත් කර විපක්ෂයේ නියෝජිතයෙකු එම තනතුරට පත් කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර කථානායකවරයාගෙන් පාර්ලිමේන්තුවේදී ඉල්ලීමක් කළේය.