ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කළමනාකරණ පීඨය තාවකාලිකව වසා දැමීමට තීරණය කර ඇති බව උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පද්මලාල් මානගේ මහතා පවසයි.
විශ්ව විද්‍යාලයේ උප කුලපති වරයාගේ නිල කාමරය අසලට ගොස් සිසුන් පිරිසක් එල්ල කළ බලපෑම් හමුවේ තීරණය ගෙන ඇත.
ආරංචි මාර්ග සඳහන් කරන්නේ විශ්වවිද්‍යාල සිසුන් හයකගේ පන්ති තහනම් කිරීමේ සිද්ධියකට විරෝධය පළ කරමින් මෙලෙස තවත් සිසුන් පිරිසක් උපකුලපතිවරයාට බලපෑම් කර ඇති බව ය.
කෙසේ වෙතත් විශ්ව විද්‍යාල පාලනාධිකාරිය සඳහන් කරන්නේ මෙලෙස පන්ති තහනම් කර ඇත්තේ විනය විරෝධී සිද්ධියකට අදාළ සිසුන් පිරිසකගේ බවය.