නිසි වේලාව පැමිණි පසු ශ්‍රී ලංකා ක්‍රිකට් ගොඩනැංවීම සඳහා සහය ලබාදෙන බව ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතා පවසයි.

ක්‍රිකට් අතුරු පාලක කමිටුවට එරෙහි පෙත්සම් විභාගයට සහභාගි වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අර්ජුන රණතුංග මහතා ඒ බව සඳහන් කළේය.

ක්‍රිකට් තහනම් ඉවත් කරගන්න යම් වැඩ පිළිවෙලක් යොදන්න බලාපොරොත්තු වෙනවාද යන ප්‍රශ්නයට ඔහු මෙලෙස පිළිතුරු දෙන ලදී.

“දැනට ජනාධිපතිවරයා කමිටුවක් දාලා තියෙනවා ඒ අයට පාර දීලා තියෙන්නේ අයිසීසී එකත් එක්ක කතා කරන්න දැන් තියෙන නීතිය අනුව අපට යන්න පුළුවන් ප්‍රකට පාලක මණ්ඩලයට ගිහිල්ලා වැඩ ටික කරන්න පුළුවන් නමුත් අපි මහත්තරු හැටියට තීරණයක් ගත්ත අපි යන්නේ නැහැ කියලා. මේ ප්‍රශ්නය ඉවර වන තුරු අපි පැත්ත පලාතේ යන්නැහැ. ක්‍රිකට් කියලා කරන්න දෙයකුත් නැහැ. ඉතින් අපි බලාගෙන ඉන්නවා මේක. හරි වෙලාව අවට පස්සෙ ඕක ඉතාමත් ඉක්මනින් හදන්න පුලුවන්”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *