රාජපක්ෂවරුන්ට මෙතරම් මඩගැහුවොත් ඔවුන්ට අත හැරීමේ හැකියාව තිබෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පත්කල ජයන්ත කැටගොඩ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ පැවසීය.
අයවැය දෙවැනි වර කියැවීමේ 6 වැනි දින විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව පැවසීය.
මන්ත්‍රිවරයා මෙසේද පැවසුවේය. රාජපක්ෂවරු හොරු කියන ජනතා මතයක් ඇති කරන්න උත්සාහ කරනවා. උගන්ඩාවට ප්ලේන් වලින් මුදල් ඇද්දා කියල ජනතාව මුලා කරමින් රාජපක්ෂවරුන්ට විවිධ අවලාද කියනවා. බදු අඩු කළා කියලා තමයි රාජපක්ෂවරුන්ට අධිකරණ තීන්දුවක් ලබා දුන්නේය. හොරකම් කළා කියලා නෙමෙයි.