බංග්ලාදේශ් ක්‍රිකට් නායක ශකීබ් අල් හසන් දේශපාලනයට පිවිසීමේ සූදානමින් පසුවන බව එරට මාධ්‍ය වාර්තා කර තිබිණි.

ඒ අනුව එළැඹෙන බංග්ලාදේශ මහ මැතිවරණය සඳහා තරග කිරීමට ශකීබ් සූදානමින් පසුවන බව අදාළ මාධ්‍ය වාර්තාවන්හි දක්වා තිබූ අතර ඒ වෙනුවෙන් අවාමී පක්ෂ සාමාජිකත්වය ලබා ගැනීමට අදාළ අයදුම්පත් මේ වන විට භාර දී ඇති බවද එම වාර්තාවන් හි දක්වා තිබේ. මෙම තීරණයට අනුව එළබෙන 2024 වසරේ ජනවාරි මස 7 වැනිදා පැවැත්වෙන බංග්ලාදේශ මහ මැතිවරණය සඳහා පාලක බංග්ලාදේශ අවාමි දේශපාලන ලීගයෙන් ශකීබ් අල් හසන් නිල වශයෙන් දේශපාලනය පිවිසෙනු ඇත.

කෙසේ වෙතත් එම වාර්තාවන් හි වැඩි දුරටත් දක්වා තිබුණේ ශකීබ් අල් හසන් ඩකා හෝ නිරත දිග පිහිටි ශාකීබ්ගේ උපන් ගම වන මගුරා ට ආසන්න දේශපාලන තරගයට පිවිස ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *