තමන් සැමවිටම අධිකරණ තීන්දුවලට ගරු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

පාර්ලිමේන්තුවේ දී අයවැය විවාදයට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය.

“අපි අධිකරණ තීන්දුවලට ගරු කරනවා. ඒ සදහා අපි නීති උපදෙස් පතනවා. සමහර වෙලාවට අපි දකිනවා මේ පාර්ලිමේන්තුව තුළත් තමන්ට වාසිදායක තීන්දුවක් ආවොත් අධිකරණය හොඳයි. තමාට අවාසි දායක තීන්දුවක් ආවොත් නඩුකාරයාගේ නම, නඩුකාරයා වාඩිවෙලා ඉන්න කාමරය, ඒ නඩුකාරයාගේ ඥාතින් ගැනත් මේ පාර්ලිමේන්තුවේ සෘජුව නිවේදනය කරනවා. අපි එහෙම කරන්නේ නෑ. අපි හැමදාම විශ්වාස කරනවා මේ රටේ අධිකරණය ස්වාධීන ව කටයුතු කළ යුතුයි කියන කාරණය. ඒ ගැන විවේචනයක් නෑ”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *