වී මිලදී ගැනීමට මහා භාණ්ඩාගාරයෙන් මුදල් නිකුත් නොකිරීමට තීරණය කර ඇත. පසුගිය කාලයේම මේ පිළිබඳ මුදල් නිකුත් කිරීමට කටයුතු කළ නිසා එය මහා භාණ්ඩාගාරයට අසීරු වී ඇති බව කෘෂිකර්ම අමාත්‍යවරයා පාර්ලිමේන්තුවට ඊයේ දැනුම් දුන්නේය.

කාබනික පොහොර මිලදී ගැනීම ඇතුලු ක්ෂේත්‍රයේ බොහෝ කටයුතු සම්බන්ධ මහා භාණ්ඩාගාරයෙන් මුදල් නිකුත් කර තිබෙන අතර, එම නිසා තවදුරටත් ඒ වෙනුවෙන් කටයුතු කළ නොහැකි බව මහා භාණ්ඩාගාරය දැනුම් දී ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පැවසීය.

මෑත කාලයේ ම ඒ සදහා මුදල් ලබා දුන්නේ ගොවි භාරකාර අරමුදලින් සහ වී අලෙවි මණ්ඩලයෙන් යැයි ද මේ වන විට එම ආයතන වල ද මුදල් නොමැති බවද මහින්ද අමරවීර අමාත්‍යවරයා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *