හමාස් සංවිධානය විසින් රදවා ගෙන සිටින ප්‍රාණ ඇපකරුවන් 240 ක පමණ පිරිසෙන් 50 ක් පමණ දෙනා නිදහස් කර ගැනීම සඳහා හමාස් සංවිධානය සමඟ දින හතරක සටන් නතර කිරීමේ එකඟතාවයකට එළඹීමට ඊශ්‍රායලය තීරණය කර තිබේ. මෙම එකගතාවය සඳහා ඊශ්‍රායල කැබිනට් මණ්ඩලය විසින් ඊයේ අනුමැතිය ලබාදී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.
ඊශ්‍රායල්- හමාස් එකගතාවය යටතේ මුලින් නිදහස් කිරීමට එකඟ වී ඇති ප්‍රාණ ඇපකරුවන් පනස් දෙනාට අමතරව නිදහස් කෙරෙන සෑම අමතර ප්‍රාණ ඇපකරවන් දහ දෙනෙකු වෙනුවෙන් සටන් නැවැත්වීමේ කාලය දිනකින් දීර්ඝ කෙරෙන බව ඊශ්‍රාලය පවසා තිබේ.