අවුරුදු 4 සම්පූර්ණ වූ දරුවන් අනිවාර්යෙන්ම පෙර පාසලට ඇතුළත් කළ යුතු බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.
අද පාර්ලිමේන්තුවේ දී පැනයකට පිළිතුරු දෙමින් අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කර සිටියේ මීට අදාළ යෝජනාව පාර්ලිමේන්තුවට ගෙන ඒමට නියමිත බවය.
ඒ අනුව සාමාන්‍ය පෙළ විභාගය 10 වසරේ දී පැවැත්වීමට නියමිත අතර උසස් පෙළ විභාගය සදහා දරුවෙක් අවුරුදු 17 දී පෙනී සිටිය හැකි බවද අමාත්‍යවරයා සඳහන් කළේය.